Header Ads

ඔබේ ඇස් දෙකේ කළු ඉංගිරියාවේ වර්ණය මගින් ඔබ ගැන හෙළිවෙන විශ්මිත රහස් මෙන්න

ඔබෙි ඇස් වල කළු ඉංගිරියාවෙි පැහැය එකිනෙකාට වෙනස්ය. දුඹුරු, නිල්, හෙසල් හා කොළ යන වර්ණයන් දැක ගත හැකිය. මෙම පැහැය වෙනස් වන්නේ දෘෂ්ටි විතානයට ආලෝකය පාලනය කිරීමට ඇති හැකියාව හා පාලනය කරන ආකාරය මගිනි. මෙහි වර්ණය මගින් ඔබගේ පුද්ගලික ලක්ෂණ, ලෙඩ රෝග පිළිබද තීරණය කල හැක. එවැනි ලක්ෂන 06 ක් පහත දැක්වෙි.
01. වයස් ගත වීමත් සමග ඇති වන Macular Degeneration. වයස අවුරුදු 50 ක් හා ඊට වැඩි පුද්ගලයින්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් අඩු වීම මගින් Macular Degeneration (AMD) ඇතිවෙි. ඇස් පෙනීමට හේතු වන දෘෂ්ටි විතානය හානි වීම නිසා මෙම තත්වය ඇති වෙි. මෙසේ හානි වනුයේ පාරිජමිබුල කිරණ වල ඇති ආලෝකය සෘජුවම දෘෂ්ටි විතානයට පතිත වීමෙනි. මෙම තත්වය නිල් පැහැති ඇස් වලට ඉක්මනින්ම මෙම තත්වය උදා වෙි.
02. සුදු කබර රෝගය. සුදු කබර රෝගය යනු සමෙි තැනින් තැන හටගන්නා සුදු පහැති සමෙි රෝගයකි. මෙය කාලයත් සමග මුළු ශරීරය පුරාම පැතිරී යයි. මෙම රෝගය ඇති අයගේ ඇස් නිල් පාටට හුරුබව සොයාගෙන ඇත.
03. Melanoma අවදානම මෙය සමෙි ඇතිවන පිළිකා විශේෂයකි. වයස 6-10 ත් අතර සමෙි වර්ණය සුදු පැහැැති ළමයින්ට මෙම පිළිකා වැළදෙන බව සොයාගෙන ඇත. මෙම රෝගය පිළිබද කරනු ලැබූ පරීක්ෂණ වලදී මෙම රෝගයට ගොදුරු වු ළමයින්ගේ ඇස් නිල් පැහැති බව සොයාගෙන ඇත. මෙම රෝගීන්ගේ ඇස් සෘජුවම හිරුගේ ආලෝකයට නිරාවරණය වීමෙන් ඇස් වලට මෙන්ම සමටද හානිදායක විය හැක.
04. තරගකාරිත්වය ඔස්ට්‍රෙිලියාවෙි කර ඇති අධ්‍යයනයන්ට අනුව අදුරු පැහැ ඇසි තිබෙන අයට වඩා නිල් පැහැ ඇස් තිබෙන අය වඩාත් තරගකාරී බව සොයාගෙන ඇත. තවද නිල් පැහැ ඇස් ඇති අය අනුකමිපාශිලී, ත්‍යාගශීලී හා මිත්‍ර ශීලිබව කියයි.
05. විශ්වාසනීය බව දුඹුරු පැහැති ඇස් ඇති අයට වඩා නිල් පැහැති ඇස් තිබෙන අය විශ්වාසදායක ලෙස සලකනු ලැබෙි. කෙසේ වෙතත් ඇස්වල වර්ණය මෙය තීරණය කිරීම සදහා එකම සාධකය නොවෙනු ඇත. විශාල ඇස්, විශාල කටක් හා පළල් නිකටක් තිබෙන අයද විශ්වාසවන්ත අය ලෙස සලකයි.
06. මධ්‍යසාර අධික පරිභෝජනය වර්ණවත් පැහැයක් ගන්නා ඇස් ඇති පුද්ගලයින් අදුරු පැහැ ඇස් තිබෙන අයට වඩා මත්පැන් පානය කරන බව සොයාගෙන ඇත. එහෙත් වැඩිදුර කල පරික්ෂණ වලින් හෙලි වී ඇත්තේ අදුරු පැහැති ඇස් තිබෙන අයගේ මෙලනින් මටිටම ඉහල බැවින් මත්පැන් වලට සංවෙිදී වන බවත් මත් පැන් වැඩිපුර පානය කරන බවත් සොයාගෙන ඇත.

No comments