ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න කැමතිනම් මෙන්න මේ බලගතු වාස්තු විද්‍යා රහස් දැනගන්න
- ඔබේ කාර්යාල කාමරය තුල දොරට එක එල්ලේ පුටුව සහ මේසය තබා වාඩිවීම අශුභය . එමනිසා ඇතුල්වන දොරටුවට කෙලින් මුහුණ ලා වාඩිවීමෙන් වළකින්න. වාඩිවීමට සුදුසුම තැන දොරටුවෙන් ඈතට වෙන්නට දකුණු පස මුල්ලයි.
- කාර්යාලයේ උඩින් බාල්කයක් පිහිටා ඇත්නම්ය ඒ යට අසුන්ට ගන්න එපා .බාල්කයක් යට වාඩිවී රාජකාරි කරන විට ඔබට නිමක් නැති පීඩනයන් හා හිසේ වේදනාවන් ඇතිවිය හැක .
- ඔබේ පිටුපස විදුලි පහන් තබාගන්න එපා . පුටුව පිටුපස අග්නි ධාතුව සංකේතවත්ව තිබීම අශුභය .
- නිවසේ මෙන්ම කාර්යාලයේදී මේසය මුල්ලකට වී වාඩිවෙන්න එපා. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විටදී හෝ ඔබගේ කාර්යාලයේ ප්‍රධානියා හමුවන විටදී මේසයේ මුල්ලට වන්න ඉන්න එපා . මේස කොන් හතරින් එල්ල වන හානිකර ශක්තිය ඔබ පීඩාවට පත් කරණු ඇත .
- කාර්යාලයක ප්‍රධාන පිවිසුම් දොර තරප්පු පෙළකට මුහුණලා ඇත්නම් එය දෝෂ සහිතය . එය වලක්වා ගැනීමට මල් පැලයක් තබන්න .
- ඔබ රාජකාරි කරන ස්ථානයේ ඔබේ පුටුවට පිටුපසින් කෙලින්ම දොරක් හෝ ජනේලයක් තිබීම අශුභය . එමෙන්ම ඔබේ පිටුපසින් මාළු ටැංකි හෝ ජලජ රූප නොතිබිය යුතුයි .එය ඉතා අශුභයි .
- ඔබේ ලියන මේසය නොපිලිවෙලට ගොඩගැසුණු එකක් නම් ඔබට පැටලිලි සහ පරිපාලනමය ගැටළු ඇතිවේ . එමෙන්ම මේසය මත ලිපි ගොනු ඉතා උසට ගොඩ නොගසන්න .
- ඔබේ ලියන මේසයේ දකුණු අත පැත්තේ ලිපිගොනු ගොඩට වඩා වම් පැත්තේ ලිපිගොනු ගොඩ උසට ඇත්නම් සුබදායකය .
- ඔබේ කාර්යාලයේ ලියන මේසයේ ඔබ ඉදිරියේ ඇති මැද කොටස හිස්ව තබන්න . මෙය රැකියාවේ දියුණුව සඳහා මේසය ශක්තිමත් කිරීමක් වනු ඇත .
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ලාංජනයක් නිර්මාණය කිරීමේදී එය ත්‍රිකෝණාකාර හෝ උල් සහිත මුළු ඇති ආකාරයෙන් නිර්මානය කරන්න එපා .
Post a Comment