Header Ads

අවුරුදු 100ක් ජීවත් වෙන්න කැමතිනම් මේ උපදෙස් පිළිපදින්න

බොහෝ පුද්ගලයින් දිගු කාලයක් ජීවත් වීමට කැමතිය.නිරෝගීව හා රෝග වලින් ඈත් වී සිටීම ඉතා අපහසු කටයුත්තක් වේ.එහෙත් අවුරැදු 100ක් ජීවත් වීමේ වාසනාව හිමිවන්නේ කෙතෙරම් සීමිත දෙනෙකුටද? ඔවුන්ට වැඩි ආයු කාලයක් ලබා ගැනීමට ඔවුන්ගේ දෛනික පුරැදුද බලපායි.ඒවා පහත දැක්වේ.
01.සමාජශීලී බව හා මිත්‍රශීලී බව. ඔබ අවට සිටින අසල්වාසින් ,පල්ලි කණ්ඩායම් හා රැකියා ස්ථානයේ යහළුයෙහෙළියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් දිගු කාලයක් ජීවත් විය හැකිය.ඔබට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා වලදී මිතුරන්ගෙන්
උපකාර ලබා ගත හැක.

02.ඔවුන් සැමවිටම කායිකව ක්‍රියාශීලීවේ. දවසට අනිවාර්යෙන්ම බර 4kg ක ප්‍රමාණයක් අඩු කර ගැනීමට ව්‍යායාම් කිරිම,බයිසිකල් පැදීම හෝ අසල්වැසි නිවසකට ඇවිදීමට යාම,නිවසේ වැඩ කටයුතු වලට සහභාගී වීම තුලින් ඔවුන්ගේ බර පාලනය කර ගනී.
03.ඔවුහු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගනී. සාමාන්‍යයෙන් අවුරැදු 100ක් ජීවත් වන පුද්ගලයින් තමන්ගේ ආහාර වේලට රනිල ධාන්‍ය ,එළවළු හා පළතුරැ පලා වර්ග සහිත ආහාර වේලක් ලබාගනී.මාළු ආහාරයට ගැනීම වැදගත් වන අතර මස් ආහාරයට ගන්නේ විශේෂ අවස්ථා වලදී පමණි.
04.ඔවුන් රතු වයින් බීමට ගන්නවා. පර්යේෂණ වලින් ඔප්පු වී ඇති ආකාරයට රතු වයින් වීදුරැවක් බීමට ගැනීමෙන් ඔබේ හෘදයට හා ශාරිරික නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ.මධ්‍යධරණි රටවල උදේ ආහාර වේල හැර සෑමආහාර වේලකටම රතු වයින් පානය කරයි.
05.ඔවුන් නිතරම එළිමහනේ ඇවිදීමට යයි. නිතරම එළිමහනේ ඇවිදීමෙන් ශාරීරීක ක්‍රියාකාරීත්වය ලබා ගැනිම හා විටමින් D ලබා ගත හැකි බැවින් දිගුකල් ජීවත් වීමට හැකිවනු ඇත.
06.ඔවුන් මානසික ආතති තත්ත්වයන් හොදින් පාලනය කර ගනී. අවුරැදු 100ක් දක්වා ජීවත් වන පුද්ගලයින් අනිවාර්යෙන්ම කාර්යක්ෂමව කටයුතු කිරීම හා කලමණාකරනය කිරීම ඉතා වැදගත්.එවැනි පුද්ගලයින් තුළ හෘද රෝග ,දියවැඩියාව හෝ පිළිකා අවදානම් වලින් තොර වේ.මෙවැනි අවදානම් රෝග තත්ත්වයන් උග්‍ර නොවෙ නඅතර ආයු කාලය දිගු වේ.
07.ඔවුන් ජීවත් වන්නේ අරමුණක් ඇතිවය. පර්යේෂණයන්ට අනුව ඔවුන් කරන රැකියාවෙන් විශ්‍රාම ගිය පසුව ඔවුන් දැඩි මානසික පීඩනයෙන් හෝ අරමුණක් නොමැතිව ජීවත් වීමෙන් ඉක්මන් මරණයක් අත්වන බවයි.ඔවුන්ගේ වෘත්තිය අහිමි වුවත් නව විනෝදාංශ ,සමාජ සේවාවන් හා නිවසේ දරැවන් සමග කාලය ගත කිරීමෙන් මානසික පීඩනය අඩු කරගෙන දිගුකල් ජීවත් වේ.
08.ඔවුන් සැමවිට සර්වශූභවාදී පුද්ගලයින් වේ. අවුරැද්දු 100ක් ජීවත් වන පුද්ගලයින් සැමවිටම ජීවිතයේ ධනාත්මක දේවල් සාකච්චා කරමින් අභියෝග වලට මුහුණදීමට අවශ්‍ය කායික මෙන්ම මානසික නිරෝගීභාවය පවත්වා ගනී.

No comments