Header Ads

මුත්‍රා ගල් විශ්මිත ලෙස සුව කරන කටු අනෝදා පානය මෙන්න



මුත‍්‍රාශයේ ගල් වලට කදිම විසදුමක් දෙන රාබු හා කටු අනෝදා ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ මුත‍්‍රාශයේ ගල් ලෙස හැදින්වෙන මෙම රෝගය විද්‍යාත්මකව හදුන්වන්නේ urinary calculus ලෙසයි.අපේ ආහාර රටාවේ විවිධ බලපෑම් මෙම රෝගී තත්වයට හේතු වනවා.

විශේෂයෙන්ම දිනකට අවශ්‍ය කරන ප‍්‍රමාණයට ජලය පානය නොකිරීම මෙම රෝගයට මූලික තැනක් ගන්නවා.ඒක නිසා තමයි අපේ අම්මල ආච්චිලා බඬේ දැවිල්ල,යටි බඩ රිදෙනවා,මුත‍්‍ර කරනකොට ඒවා තද දුබුරු පාටට පිට වෙනවා කියල පැවසුවහොත් බනින්නේ වතුර බොන්නේ නැහැ කියල.ඔව් එය ඇත්ත.මුත‍්‍රාශයේ ගල් ඇතිවීම හෙවත් stone in the bladder ලෙස හදුන්වන රෝග තත්වය වලක්වා ගැනීම සදහා දිනකට වතුර වීදුරු 8ක් පමණවත් පානය කල යුතු අතර ඊට අමතරව දියරමය ආහාර වර්ග වැඩි වශයෙන් දෛනිකව ලබා ගැනීමත් සුදුසු වේ.උදාහරණයක් ලෙස ගස් ලැබූ ජූස්,වැනි දේශීය පලතුරු වලින් සෑදු පානයන් දිනපතා පානය කිරීම ඉතා ගුණදායක වේ.

මුත‍්‍රාශයේ ගල් ලෙස හදුන්වන රෝග තත්වයේදී වකුගඩුවල, මුත‍්‍රාශයේ , මුත‍්‍ර නාලවල කුඩා කුඩා ප‍්‍රමාණයේ ගල් හෝ සෙන්ටිමීටර් එකක හෝ දෙකක පමණ විශාල වූ ගල් ඇති විය හැකි අතර ඒ සදහා කටු අනෝදා ජූස් සතියකට දින කිහිපයක් පානය කිරීම ඉතා ගුණදායක වේ.හොදින් ඉදුණු කටු අනෝදා ගෙඩියක මදය ගෙන ඇට ඉවත් කරමින් ලබා ගත් කොටස් සෑහෙන තරමට වතුර එකතු කර බ්ලෙන්ඩර් කර ගන්නා යුෂ පානය මගින් මෙම රෝගය ඇති වීම වලක්වා ගත හැක.මෙම පලතුර හැකි සෑම විටම ආහාරයට එක කර ගැනීමත් ගුණදායක වේ.

ඊට අමතරව රාබු ගෙඩියක් හෝ කිහිපයක් ගෙන එය හොදින් එය හොදින් පිරිසිදු කර කුඩා කොටස් වල කපා බ්ලෙන්ඩර් කර ලබා ගත යුෂ වලට මිලි ලීටර් 200ක් පමණ එක් කරමින් සාදා ගන්නා රාබු ජූස් සතියකට දින කිහිපයක් පානය කිරීමත් ඉතා සුදුසුයි.එමෙන්ම රාබු ව්‍යංජනය,රාබු කොළ මැල්ලූමත් ගුණ දායක වේ.


No comments