Header Ads

පැපොල් සහ කහ භාවිතාකර පහසුවෙන් මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ක්‍රමය මෙන්න

ඇතැම් කාන්තාවන්ගේ මුහුණෙහි අනවශ්‍ය ආකාරයෙන් රෝම හට ගන්නවා. එසේ රෝම ඇති වීම ඇයගේ පැහැපත් බව අඩු කිරීමටත් කාන්තාවන් අපහසුතාවයට පත්වීමටත් හේතු වෙනවා. එම නිසා මුහුණෙහි අනවශ්‍ය ආකාරයෙන් රෝම ඇති වීම බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටළුවක්. අනවශය රෝම ඉවත්කිරීම සඳහා මිල අධික ක්‍රිම් වර්ග ගැනීමට සිදුවීම අමතර වියදමක් බව හැමෝම දන්නවා. එසේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ප්‍රතිකාර භාවිතා කිරීම සමේ පැහැපත් බව නැති වීමටත් සමට හානි ඇති විය හැකියි. එමනිසා පහත ක්‍රමවේදය භාවිතාකොට පහසුවෙන් අනවශ්‍ය රෝම නිවසේදීම ඉවත්කර ගන්නට පුළුවන්.
අවශ්‍ය දේවල්
පැපොල් ග්රෑම් 20 ක් පමණ
වියලි කහ මේස හැන්දක්
පිලියෙල කිරීම
පැපොල් පොතු හැර කුඩා කැබලි වලට කපා ගන්න. ඉන් පසු මේස හැන්දක් පමණ වියලි කහ කුඩු එනතු කරන්න. ඉන් පසු පේස්ට් එක ආලේප කර අතින් අනවශ්‍ය රෝම වැවී ඇති තැන්වල හොඳින් පිරිමඳින්න. මිනිත්තු විස්සකට පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

No comments