Header Ads

වඩා හොඳ ආමිස පූජාවද? ප්‍රතිපත්ති පූජාවද? මේ වටිනා ලිපිය ඔබත් කියවන්න


බුදුන් වහන්සේගේ ශාන්ත වූ ශෝභන රූපය දෙසම ආදර භක්තියෙන් බලාගන හුන් වක්කලී තෙරුනට “වක්කලිය මේ ලේ මස් ආදියෙන් සැදී ඇති කුණු සිරුරක් දෙස බලා ඉදීමෙන් ඇති වැඩේ කුමක්ද? මෙතන නොඉද යන්න. ගිහින් ධර්ම කාය දෙස බලන්න. ධර්ම කාය දක්නා තැනැත්තා මා දකිතැයි “ වදාල සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් අපේක්ෂා කලේ ප්‍රතිපත්ති පූජාවයි. ගිහිගෙයි වෙසෙන හැම දෙනාට භික්ෂුවකට තරම් ඉහල පිළිවෙත් පිරීම අමාරුය. එබැවින් ඔවුන් ගත යුතු මග වදාරන සේක්. ගිහි පටිපදා සුත්ත සුත්ත ආදියෙන් යටත් පිරිසෙන් පන්සිල්වත් රකිමින් දන්දීම ආදී ආමිස පූජාවන් මගින් සන්තානය හැකිතරම් ලෝබයෙන් ඈත් කොට අලෝභාදී සධ් ගුණ වඩාලන හැටි උගන්වා වදාල සේක.
සමහරු තමන්ගේ භක්තිය පරිදි දහස් ගණන් පහන් පූජා කරති. බොහෝ වියදම් කරමින් පුද පෙරහැරවල් පවත්වති. බෝධි පූජාවන් කරති. මේවා හිස් වැඩ නොවේදැයි ඇතමුන් ප්‍රශ්න කරති.

පාඨශාලාවක බාලාංශයේ සිට විද්‍යාව ඉගැන්වෙන ඉහලම පන්තිය තෙක් පන්ති ඇතයි සිතමු. බාලාංශයේ සිසුන් පුහුණු කරවන්නේ මතු කිසියම් දවසක ඉහලම පන්තියේ ඉගැන්වීම ලබන්නට සුදුස්සන් කිරීමටය. එහෙත් දවසින් දෙකෙන් එය කල නොහැක. ඔවුනට එයට සුදුසු දැනුම ලැබෙන තෙක් ක්‍රමානුකුලව ඉගැන්විය යුතුය. එහෙත් බාලාංශයේ සිසුන්ට ඔවුන්ගේ වයසට නුවණට සරිලන පරිදි චිත්‍ර මගින් කෙලිබඩු මගින් ක්‍රීඩා මාර්ගයෙන් අකුරු කියවන්නට , වචන කියවන්නට ඉගැන්විය යුතුයි. ඔවුනට ඉහළම පන්තියට ඉගැන්වෙන විද්‍යා පාඩම්ග ඉහළ ගණිතය උගන්වන්නට සැරසුනොත් එහෙම පිටින්ම එය නිෂ්පල විකාරයක් වෙයි.

මෙසේ ලෝකය නැමැති පාසලේ ආධ්‍යාත්මික අභිවෘදිය අතින් තරමක් ඉහලට ගිය අයද, ඉතාම පහල අයද වෙති. ඒ අධ්‍යාත්මික ගුණ වගාවෙන් ඉහල නොගිය ඉතාම පහළ පන්තියේ වූ අයට ඉහල පිළිවෙත් පිරුම තබා පස් පවෙන් වැළකීමේ අදහස කිමෙක්දැයි වැටහීමකුදු නැත. ඔවුන් පාසලේ බාලාංශයේ දරුවන් වැනිය . එහෙත් ඔවුන් අත් නොහැරිය යුතුය. කරුණු මෙසේ බැවින් අධ්‍යාත්මික ගුණ අතින් ඉහල නොගිය සාමාන්‍ය බහුතර ජනතාව මහා පහන් පූජා, මහත් ලෙස කෙරෙන මල් පූජා වැනදෑ අවශ්‍යයි. උසස් ප්‍රතිපත්තියකට හුරු පුරුදු නැති ගැඹුරු නුවනක් නැති ජනයා එකී පූජෝත්සව වලට කැමැත්තෝය. එමගින් තාවකාලික සිත් සැනසීමක් ලබති. එබදු වැඩෙහි යලි යලි යෙදීමෙන් දුසිරිතෙන් වෙන්වී නිතර පන්සිල් රකින ආගමට ලැදි මිනිසුන් වෙති. පසුව බඹසර රකින්නට සමත භාවනා පැත්තට ඇදුනු සිතැත්තෝ වෙති . මෙසේ ක්‍රමයෙන් අධ්‍යාත්මික අභිවෘධිය සලසා ගති. මෙසේ ආමිස පූජාවද මිනිසකුගේ හැදෑරීමට උපකාරී වේ.
එහෙත් අද ආමිස පූජාවන් කරන අයට අනුශාසනා කරන පක්ෂයේ වැඩි දෙනෙක් එක් වරදක් කරති. එනම් බාලාංශයේ සිසුවන් හැමදාම බාලාංශයේම රඳවා තබා එයින් ඉහලට නොයවා ඒ පාඩමම දිගටම ඉගැන්වීමයි. එයින් වනුයේ තමා තුල විෂය කරුණු වල දියුණුවක් ඇති නොවීමයි. අධ්‍යාත්මික දියුණුවක් ඇති නොවීමයි.
පුද පෙරහැර ආදිය ලෙසින් කරන ආමිස පූජාවත් අවශය. නමුත් ඒ දෙකෙන් ප්‍රතිපත්ති පූජාව ශ්‍රෙෂ්ඨය .

No comments