Header Ads

ලෙඩ රෝග රාශියකට විශ්මිත ලෙස සුවය සලසන - ගංජා වලින් ලැබෙන ප්‍රතිලාභ මෙන්න

ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද‍්‍රව්‍යයක් ලෙස ජනප‍්‍රිය ගංජා තහනම අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරන සමයේ සිට ක‍්‍රියාත්මක වන්නකි. ලෙඩ රෝග රාශීයකට දිව ඔසුවක් බදු වු ගංජා භාවිතයට කිසිදු තහනමක් ක‍්‍රියාත්මක නොවුනු අවධියක් එකළ පැවතිණි. ඇමරිකාවෙන් පටන්ගෙන මේ වනවිට එංගලන්තය ඇතුළු යුරෝපය හරහා හමාගෙන යන ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ කතාබහ ලංකාව තුළත් මතු වී ඇත. නමුත් රජය මත්ද‍්‍රව්‍යයක් ලෙස ගංජා පාලනය සම්බන්ධයෙන් පවතින ස්ථාවරයට හේතුව නොදැනුවත්කමයි.

ගංජා මත්පැන්වලට වඩා ආරක්ෂිත මත්ද‍්‍රව්‍යයක් බවත් සහ ශරීරයට හිතකර ද‍්‍රව්‍යක් බවත් මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබේ. වාහන පැදවීමේදී ගංජා පානය කරන ලද පුද්ගලයින් ඉතා හොඳින් වාහනය පැදයන බව හෙළි කරන සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන බවයි. නමුත් මත්පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්ෂිත බවත් ඔවුන් පෙන්වාදෙයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප‍්‍රතිලාභ කිහිපයක්ද පහත දැක්වේ.

ශරීරයේ බර අඩු කිරීමට
ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැුති බව අනාවරණය වී තිබේ. Haward University සහ බෙත් ඊශ‍්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරු තර ඇත. මීට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

දියවැඩියාව නැති කිරීමට
ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක‍්‍රියාකරන අතර ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප‍්‍රතිශතය පාලනය කරන බවයි.

ආතතිය
විවිධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

ග්ලූකෝමා සඳහා ඖෂධයකි
ග්ලූකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසේ. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලූකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

ඒඞ්ස් සඳහා ඖෂධයක් ලෙස
ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඞ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ
සිදුකළ විද්‍යාඥයන් පවසන අන්දමට මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ ෙසෙල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද
තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මෙම පරීක්ෂණය මිනිසුන් යොදාගෙන සිදු කර නැත.

පිළිකා රෝග මර්ධකයක් ලෙස
2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ‍්‍රිතාන්‍ය තුළ ගංජා
යොදාගෙන ලියුකේමියා රෝගය නිට්ටාවට සුවකර ඇති බවද වාර්තා වේ. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

මිගේ‍්‍රන් සඳහා
ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිගේ‍්‍රන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප‍්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප‍්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිගේ‍්‍රන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිතය නිර්දේෂ කරයි. 
මුලාශ‍්‍රය - සත්හඩ

No comments