Header Ads

ලිංගිකව ව්‍යාප්ත වෙන අලුත් රෝගයක්. දැනටමත් මිලියන ගණනකට අසාදනය වෙලා

ලිංගිකව ව්‍යාප්ත වෙන අලූත් රෝගී තත්වයක් පිළිබඳව විදෙස් මාද්‍යය වාර්තා කරනවා. සතියක් වැනි කාලයක් ඇතුලත මිලියන ගණනක් තරම් වූ පිරිසකට එය ආසාදනය වී ඇතිබවයි පවසන්නේ.

ඒ පිළිබඳව අනතුරු අගවමින් විශේෂඥයින් පවසා සිටින්නේ, මේ වන විට බොහෝ දෙනෙක් එම රෝගී තත්වයට ගොදුරු වෙමින් පවතින බවයි. වඩාත් භයානකම දෙය නම්, එම රෝගයට ඔවුන් ගොදුරු වී සිටියත් එය තමන්ට වැළඳී ඇතිබව ඔවුන් නොදැන සිටීමයි. එම ලිංගික රෝගය හේතුවෙන් සෞඛ්‍යයට වගේම සරුභාවයටද ඉතාමත්ම අහිතකර බලපෑමක් ඇතිවෙනවා.

මයිකොප්ලාස්මා ගැන ඔබ අසා තිබෙනවද ? මයිකොප්ලාස්මා යනු වෛද්‍යවරුන්වත් එතරම් නොදන්නා බැක්ටීරියා විශේෂයකි. මයිකොප්ලාස්මා හේතුවෙන් ඇතිවෙන එම රෝගී තත්වය විසින් කිසිඳු ආකාරයේ විශේෂිත රෝගී ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. යෝනියෙන් රුධිරය ගැලීම, වෘෂණ කෝෂ දෝෂයන්, ලිංගිකව එකතුවෙන විට දුගඳ හමන ද‍‍්‍රාවණයක් පිටවීම වැනි පොදු රෝගී ලක්ෂණයන් කිහිපයක් පමණයි දිස්වන්නේ. එම නිසා එම රෝගී ලක්ෂණ වෙනත් රෝගයක ලක්ෂණ බව වැරදියට වටහා ගන්නට පුළුවන්.

ලිංගිකව ව්‍යාප්ත වෙන එම අලූත් රෝගී තත්වය නිසා කාන්තාවන් තුල දැකගත හැකි පොදු රෝගී ලක්ෂණ කිහිපයක් ලෙස ලිංගිකව එකතුවීම වේදනාකාරී වීම, අසාමාන්‍යය ලෙස යෝනියෙන් රුධිරය පිටවීම සහ වඳ භාවයට පත්වීම වැනි දේවල් හඳුන්වන්නට පුළුවන්.

මයිකොප්ලාස්මා හා සබැඳි ලිංගිකව ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් බොහොමයක් තිබුනත්, නුතන විද්‍යාව ඒ පිළිබඳව වැඩි විස්තරයක් දන්නේ නැහැ.

මෑතකදී සිදුකරනු ලැබූ අධ්‍යයනයන් වලදී වැඩිදුරටත් හෙළිවී තිබෙන්නේ, ලිංගිකව ව්‍යාප්ත වෙන එම රෝගී තත්වය මේවන විට බ‍‍්‍රිතාන්‍යය තුලත් පැතිරයමින් ඇති බවයි. තරුණ වියේ පසුවන පුද්ගලයින්ට වගේම මැදිවියේ පසුවන අයටත් මෙම රෝගී තත්වය කිසිඳු බාදාවක් නොමැතිව එකසේම වැළෙක්‍ෂනවා.

No comments