Header Ads

ආතරයිටිස් වේදනාව අතුරුදහන් කරන, විශ්මිත ලුණු හා තෙල් මිශ්‍රණය

එය ආලේප කිරීමෙන් පසුව ඔබට අවුරුදු කිහිපයක්ම යනතුරු වේදනාව නොදැනෙනු ඇත. මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරනු ලබන්නේ ආතරයිටිස් වේදනාව සුවකර ගැනීම සදහා භාවිතා කල හැකි ස්වාභාවික පිළියමක් ගැනයි. එසේම ඔබ මෙය භාවිතා කල පසු ඔබට වේදනාව වසර කිහිපයක් යන තුරුම නොදැනෙනු ඇත. මෙම සම්භාහන මිශ‍්‍රණය සකසා ගැනීම සදහා අවශ්‍ය වන්නේ මුහුදු ලූණු සහ ඔලිවු තෙල් පමණි.

භාවිතයට උපදෙස්

ඔලිවු තෙල් මේස හැදි විස්සක් සහ ලූණු මේස හැදි දහයක් එක්කර ගෙන හොදින් මිශ‍්‍ර කර මිශ‍්‍රණයක් සකසා එම මිශ‍්‍රණය වීදුරු බෝතලයකට වක්කරගෙන මූඩියකින් වසා දින කිහිපයක් තබන්න.

ඉන් පසුව ඔබට වර්ණවත් මිශ‍්‍රණයක් ලැබෙනු ඇත. ඔබ මෙම මිශ‍්‍රණය සෑම උදෑසනකම ඔබගේ බෙල්ලේ අස්ථිවල වේදනාව දැනෙන ස්ථානයන්හී ආලේප කර හොදින් සම්භාහනය කරන්න.

පළමු දිනයේදී මෙම සම්භාහන කාලය විනාඩි 2 - 3 අතර කාලයක් සිදු කරගන්න.

ඉන් පසු දිනෙන් දින සම්භාහන කාලය විනාඩි 2 - 3 අතර වැඩි කරගන්න.

මේ ආකාරයට අවසාන ලෙස උපරිම සම්භාහන කාලය විනාඩි 20 දක්වා දික්කරගන්න.

සෑම සම්බාහනයක් අවසානයේදීම උනු වතුරින් තෙමා වතුර මිරිකා ගත් තුවායකින් සම පිස දමා එම ස්ථාන වලට Baby Powder වර්ගයක් යොදන්න’

මෙලෙස දින 10 කාලයක් ප‍්‍රතිකාර කිරීමකින් පසුව ඔබගේ රුධිර සංසරණය උත්තේජනය වී කාටිලේජ සහ අස්ථි පටක තුල පේෂී ප‍්‍රතිජනනය වේගවත් වනු ඇත.

මෙම ප‍්‍රතිකාරය සිදු කිරීම තුලින් කොදු ඇට පෙළෙහි මනා රුධිර සංසරණයක් ඇති වී ඇස් පෙනීම වර්ධනය වී හිසරදයද අතුරුදහන් වී යනු ඇත.

මෙමගින් ඔබගේ ශරීරයේ ඇති විෂ නසා පිරිසිදු කර පරිවෘතිය ක‍්‍රියාවලියද වේගවත් කර දෙනු ලැබේ. ඔබට මෙම ප‍්‍රතිකාරය සිදු කරනා විට කැරකිල්ලක් සහ නිදිමත ගතියක් දනුනේනම් එය සාමාන්‍ය දෙයකි. එය සෑම විටම සිදු නොවන අතර මෙම ප‍්‍රතිකාරය තුලින් කිසියම් හෝ අතුරු අබාදයක් ඇති නොවන අතර ඉතා ඵලදායි ප‍්‍රතිඵල අත්කර දෙනු ලබයි.

No comments