Header Ads

විටමින් E භාවිතා කරනවනම් මෙන්න මේ විශ්මජනක ප්‍රතිඵල ඔබට ලැබෙනවා

විටමින් E ඔබේ සුන්දරත්වය වැඩි දියුණු කරගැනීම සඳහා ලබාගත හැකි බලවත් ඔක්සිහාරකයකි. එය ප්‍රතිශක්ති බූස්ටරයක් ලෙස ක්‍රියාකරන අතර සංසරණය ප්රවර්ධනය, රුධිරයේ සීනි පාලනය සහ සමහර පිළිකා වලට එරෙහිව ආරක්ෂා කර ඔබේ සිත සෞඛ්ය සම්පන්න කරයි. විටමින් E වලින් සමට සහ හිසකෙස් වලට ද බොහෝ ප්‍රතිලාභ ඇත. ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස විටමින් E අන්තර්ගත රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක් ඔබට වෙළඳපොලේ දී සොයා ගත හැකි වනු ඇත. ගෙදරදී රූපලාවන්‍ය ප්‍රතිකාර කිරීමට ඔබට පහසුවෙන්ම විටමින් E තෙල් හෝ කරල් මිලදී ගත හැකියි. විටමින් E ඌනතාවය නිසා ලිංගික අප්‍රාණික භාවය ඇති වේ ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම ලිංගික ප්‍රාණවත් භාවයට විටමින් E අවශ්‍යය. විටමින් E අඩුවීමෙන් විශේෂයෙන් ලිංගික අප්‍රාණික භාවය ඇති වේ. ඒ සඳහා තිබෙන උනන්දුව අඩු වේ. උදයේ අවදිවන විට තිබිය යුතු ප්‍රාණවත් භාවය නැති වේ. සම රැළි වැටේ, සිරුරේ අප්‍රාණවත් බව තෙතමනය නැති වී වියලි සමක් ඇති කරයි. මාංශපේශිවල ක්‍රියාකාරීත්වය අඩු වේ. ඒ නිසා මස් පිඬු පෙරළීමට (Cramp) ඇතිවීමට පටන් ගනී.
01. හිසකෙස් වර්ධනය කරයි.
රත් කරගත් ඔලිව් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 2කට විටමින් E කරල් 2ක් එක්කර එය ඔබේ හිස්කබලේ ආලේප කර ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදාහරින්න. මෙය සතියට 2-3 වරක් කරන්න.
02. රැලි වැටීම් අවම කරයි.
රාත්‍රී නින්දට යාමට පෙර විටමින් E කරලේ ඇති තෙල් රැලි වැටි ඇති තැන ආලේප කරන්න. පසුදින උදෑසන උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
03. කැළැල් මකා දමයි.
විටමින් E කරලේ ඇති තෙල් කැළැල් ඇති ස්ථානයෙහි ආලේප කර විනාඩි 5ක් පමණ මසාජ් කරන්න. එය විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදාහරින්න. නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දවසට 2ක බැගින් මෙය සිදුකරන්න.
04. අවපැහ වීම් දුරු කරයි.
රාත්‍රී නින්දට යාමට පෙර එඬරු තෙල් තේ හැඳි 1ක් සමග විටමින් E කරල් 2ක් මිශ්‍ර කර අවපැහ වී ඇති ස්ථාන වල ආලේප කරන්න. පසුදින උදෑසන සෝදාහරින්න.
05. රළු හා වියළි දෑත් මෘදු කරයි.
මඳ උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් ගෙඩියක යුෂ, මී පැණි ස්වල්පයක් සහ විටමින් E කරල් 2ක තෙල් එක්කර මිශ්‍ර කරගන්න. පසුව එයට දෑත් දමා විනාඩි 10-15ක් පොඟවගෙන සිටින්න.
06. ස්ට්‍රෙච් මාක්ස් මකා දමයි.
ලෙමන් ගෙඩියක යුෂ වෙන් ගෙන එයට විටමින් E කරල් 4ක පමණ තෙල් එක්කරගෙන හොඳින් මිශ්‍ර කර ස්ට්‍රෙච් මාක්ස් ඇති තැන් වල ආලේප කර විනාඩි 5-10ක් මසාජ් කරන්න. පසුව විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න.
07. හිසකෙස් අග පැලීම වළකයි.
විටමින් E, ඔලිව් තෙල් සහ පොල්තෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කරගන්න. ඉන්පසු එය හිසකෙස් අග ආලේප කර පැය 2-3ක් තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදාහරින්න.
08. පිලිස්සුනු තුවාල සඳහා
විටමින් E වල විශිෂ්ට රෝගනාශක ගුණයක් පවතී. එම නිසා ම කුඩා පිලිස්සුනු තුවාල සුව කිරීමට පුළුවන. පිලිස්සුනු විට ම විටමින් E අඩංගු තෙල් පිලිස්සු තුවාල අවට තැවරූ විට එය ඉක්මණින් සුව වේ.
09. තොල් පැලීම සුව කරයි.
විටමින් E කරලේ ඇති තෙල් දිනපතා පැලුණු තොල් වල ආලේප කරන්න. මෙයින් තොල් වලට තෙතමනය ලබාදී වියලි බව දුරු කර තොල් පැලීම සුව කරයි.

No comments